නීති විරෝධී කටයුතුවල යෙදෙන ධීවර යාත්‍රා නියමුවන්ට වැඩ වරදින ලකුණු

මිනිස් ජාවාරමේ හෝ නීති විරෝධී කටයුතුවල නිරත වන ධීවර යාත්‍රා නියමුවන්ට සිය ජීවිත කාලය තුළ නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඊට අදාල නීති හා රෙගුලාසි කඩිනමින් පැනවීමට කටයුතු කරන ලෙස ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.

නීති විරෝධී කටයුතු වැලැක්වීමට ක්ෂණිකව මැදිහත්වීම සදහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට අදාල මෘදුකාංගයක් හදුන්වාදීමට ද කටයුතු කරන බව දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version