ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්ස ප්‍රදේශයේ ආයු‍ර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.

ඊයේ(20) රාත්‍රී 7.30 ට පමණ ග‍ල්කිස්ස පොලීසිය විසින් මෙම ගණිකා නිවාසය වටලා තිබේ.

ගණිකා නිවාසයේ කළමණාකරණ‍ය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටි‍මේ අදහසින් එහි රැඳී සිටි තවත් සැකකාරියන් දෙදෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 32, 27 හා 36 යන වයස්වල බව පොලීසිය සඳහන් කරයි.

සැකකාරියන් අද(21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය සිදු කරයි.

Exit mobile version