අයවැය ඉදිරිපත් කිරීම ඇරඹේ

Share

  • කැසිනෝ ඇතුල් වීමේ ගාස්තුව ජූලි මස 1 සිට  ඩොලර් 50ක් වේ
  • කැසිනෝ ගාස්තු අප්‍රෙල් 1 සිට ඉහලට
  • කාර්ය බහුල වේලාවේ අධිවේගී මාර්ගයේ ගාස්තුව රු 100කින් ඉහළට
  • දේශිය මත් පැන් මිලි ලීටර් 750ක් මිල අද මධ්‍යම රාත්‍රී සිට ඉහළට
  • දේශිය මත් පැන් බදු සංශෝධනයට නමුත් ගල් අරක්කු මිල වෙනස් නොවේ
  • ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු ඉහලට
  • මෝටර් රථ නිෂ්පාදන බදු ඉහළට
  •  අද මධ්‍යම රාත්‍රී සිට දුම්වැටි සඳහා ජාතික ගොඩ නැගීමේ බද්ධ පැනවේ. ඒ අනුව දුම් වැටියක මිල රු.5ක්නි වැඩිවේ
  • ජාතික කලාභවන නවීකරණයට පියවර
  • ගම් පෙරළිය යටතේ ආගමික ස්ථාන සංවර්ධනය කිරිමට මුදල් වෙන් කෙරේ
  • කලාවේ හා සංස්කෘතික වර්ධනයට පියවර
    කලා කරුවන්ගේ නිර්මාන වලට අඛණ්ඩ ප්‍රතිලාභ හා නිර්මානයන්ට ආරක්ෂාව සැලසීම.
  • පීඩාවන්ට ලක්වූ පුද්ගලයින්ට හා දේපලවලට ඉක්මනින් වන්දි ගෙවීමට සකස් කළ ආපදා රක්ෂණය වෙනුවෙන් මිලියන 1000ක්
  • අපාදාවන්ට ලක් වූ පුද්ගලයින් ට වන්දි ලබා දීමට රු බිලියන 20000ක්
  • කඩොලාන වගාවට රු බිලියන 50ක්
  • හරිත උද්‍යාන වැඩ පිළිවෙලක් හා කොළඹ නගර අලංකාරය සඳහා රු. බිලියන 10000ක්
  • ප්‍රජා මූලික හරිත සමාජයක් සඳහා රු බිලියන දෙකාහාමාරක්
  • ජාතික විශ්‍රාම සැලැස්මක්
  • සමෘද්ධි ලාභීන්ට ඔවුන්ගේ ගිනුම් වලින් රු 30000 බැගින් ලබා ගැනීමට අවස්ථාව
  • සමෘද්ධි ව්‍යාපාරය ප්‍රති සංවිධානය මගින් තවත් හය ලක්ෂයකට ප්‍රතිලාබ දීමට රු මිලියන 10000ක්
  • දුප්පතුන් සදහා පහසුකම් සැපයීමට විශේෂ අවධානය
  • අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමට රු. මිලියන 100ක්
  • තාක්ෂණය සහ නවීකරණය මගින් රාජ්‍ය සේවය ගුණාත්මක කිරීමට පියවර
  • ගුවන් හා නාවික යන ආරක්ෂ අංශවල දීමනා ද ඉහලට
  • කමාන්ඩෝ භටයින්ගේ දීමනාව රු. 5000ක් දක්වා ඉහළට
  • විශ්‍රාම වැටුප් විශමතා ඉවත් කිරීමට රු. මිලියන 12000ක්
  • ජූනි මාස 1 සිට රාජ්‍ය සේවකයන්ට තවත් රු. 2500ක දීමානාවක්
  • ගුරු වැටපු 16000සිට 29000දක්වා වර්ධනය පියවර
  • අධියර 5ක් යටතේ රාජ්‍ය සේවක වැටුප් වර්ධනය කිරීමට පියවර ගන්නා අතර මේ වසරේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධනයට රු. බිලියන 40ක්
  • ග්‍රමීය මාර්ග සංවර්ධනයට රු. බිලියන 10ක්
  • රන්මාවත් යෝජනා ක්‍රමයට රු. මිලියන10000
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදිකිරීම් අඛණ්ඩව ඉදිරියට
  • රුවන් පුර අධිවේගී මාර්ගයේ කටයුතු ඇරඹේ
  • මාලබේ සිට කොළඹ දක්වා සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා රු. මිලියන 5000ක්
  • ලංකා ගමනා ගමන මණ්ඩලයට නව බස් රථ 250ක්
  • විද්‍යුත් ත්‍රී රෝද රථ සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක්
  • මිනී ටැක්සි ත්‍රීවිලර් රියැදුරන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක්
  • පොදු ප්‍රවාහනය නැංවීමට රුපියල් මිලියන 1000ක්
  • ප්‍රවාහන පද්ධතතිය ප්‍රවර්ධනට පියවර රැසක්. මධ්‍යම හා බස්නාහිර පළාත් තුළ පෙරගෙව්ම් කාඩ් පත් හදුන්වා දෙන අතර දිවයිනම ආවරණය වන පරිදි බස් රථ කාල සටහන් ඩිජිටල් කරණය කිරීම
  • ප්‍රජා ජල අභිමන් වැඩසටහන සඳහා රු. මිලියන 1500ක්
  • 2020 ජනවාරි මුල සිට ගොඩ නැගිලි ඉදිකිරීමට අනුමැතිය ලබා ගැනීමට විශේෂ ක්‍රමවේදයක්
  • කල්මුනේ සමන්තුරේ නගර සංවර්ධනය විශේෂ පියවර
  • පෞරාණ ස්ථාන සංරක්ෂනය කිරීමට පියවර රැසක්
  • සුඛිත පුරවර වැඩසටහන සඳහා වෙන්කර ඇති රු. මිලියන 3000ට තවත් රු. මිලියන 2000ක් වෙන් කිරිමට පියවර
  • නාගරික පුනර්ජීවනය සඳහා නිවාස ඉදිකිරීම සඳහා රු. බිලියන 8000ක් නව පරීක්ෂන සඳහා අවශ්‍ය මුදල් වෙන්කිරීමට පියවර
  • ක්‍රිඩාව දියුණු කිරිමට පියවර. මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය හා කොලොන්නාවේ වීරසිංහ මල්ලිමාරච්චි ක්‍රීඩාංගන සංවර්ධනයට හා ජාතික ඔල්ම්පික් කමිටුවට පහසුකම් සැපයේ.
  • වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර ඒකකවල පහසුකම් පුලුල් කෙරේ
  • අයාලේ යන සුනඛයින් වන්ද්‍යා කරනයට රු. මිලියන 100ක්රෝගීන්ගේ සුබ සාධනය සඳහා සුවසැරිය ගිලන් රථ සේවය රට පුරා ව්‍යාප්ත කිරීමට රු මිලියන 200ක් සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ යටිතල පහසුකම් සැපයීම නැංවීමට රුපියල් මිලියන 24750ක්නව සෞඛ්‍ය සේවයක් සඳහා රු මිලයන 24 750ක් වෙන් කෙරේ
  • බර වාහන පිළිබඳ ගොවීන් පුහුණු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවවෘත්තීය පුහුණු අධ්‍යාපනය ඉහළ නැංවීමට පියවර
  • රුහුණු විශ්ව විද්‍යාලයට සම සෞඛ්‍ය විද්‍යා පීඨයක්දෙමළ භාෂා ගුරුවරු පුහුණු කෙරේ
  • විශ්ව විද්‍යාල සුදුසුකම් නොලැබූ සිසුන්ට උසස් අධ්‍යාපනයට පොලී රහිත ණයක් දීමට රුපියල් මිලියන 200ක් වෙන් කරයි.
  • රු. බිලියන 25000ක් විශ්වවිද්‍යාල ගොාඩ නැගිලි සංවර්ධනයට වෙන් කෙරේ
  • පෙර පාසල් නියාමනයට නෛතික රාමුවක්. ජාතික විෂය මාලා වක් හදුන්වා දෙමින් ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම. පෙර පාසල් සංවර්ධනයට ණය පහසුකම්
  • අපොස උසස් පෙළ ඉහළින් සමත් වෙන දරුවන්ට ශිෂ්‍යත්ව අරමුදලක්. ඒ මගින් ලෝකයේ ඉහළ විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට ඉහළම ලකුණු ලබා ගන්නා ශිෂ්‍යන්ට 5ක අවස්තාව
  • ආදායම් බදු කළමනාකරණය සඳහා මුදල් අමාත්‍යංශයෙන් නව ඒකකයක් සෑදීමට පියවර
  • ප්‍රදේශ කිහිපයක නව කර්මාන්ත කලාප ඉදිකිරීමට පියවරගනී
  • වරාය හා ගුවන් තොටුපල බදු අඩුකිරීමට අවධනය
  • නව ජාත්‍යන්තර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳ අවධානය යොමු වේ.
  • අපනයන සහ ආනයන හරහා රටට පැමිණෙන අදායම් වර්ධනය කිරීමට විශේෂ පියවර
  • ලියාපදිංචි විදේශ ශ්‍රමිකයන්ට සිහින මාලිගා නම් විශේෂ ණය යෝජනා ක්‍රමයක්
  • ජාතික නිවාස සංවාර්ධන අධිකරිය හරහා මැදි ආදායම් නිවාස රැසක වැඩ අවසන් කිරීමට පියවර
  • උතුරු- නැගෙනහිර පවුල් සංවාර්ධනය විශේෂ අවධානය
  • සිරගතව සිටින කාන්තාවන්ට අත්කම් නිර්මාන පුහුණු කිරීමට ගම්මානයක් සදහා රැපියල් මිලියන 50ක්
  • ශ්‍රමබලකායේ කාන්තා නියෝජනය සදහා මාස 3ක අනිවාර්ය ප්‍රසූත නිවාඩු
  • කාන්තාවන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලබාගැනීමට වැඩිකරගැනීමට විවිධ කම්කරු නීති සංශෝදනයට අවධානය
  • ජාතික වැඩිහිටි ලේකම් කරියාලය ශක්තතිමත් කිරීමට අවධානය

Read more

Local News