නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මෙන්න

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් අද (11) වැඩ භාර ගෙන ඇත.

බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙසයි ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද වැඩ භාර ගෙන ඇත්තේ.

බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගත් ඒ මහතා මීට පෙර කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.

මේ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්විය.

Exit mobile version