තෙවරප්පෙරුම රාජ්‍ය ආයතන ප්‍රධානින්ට චෝදනා කරයි

රජයේ ආයතනවල පවතින අකාර්යක්ෂමතාවයට දේශපාලඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරින්ද වගකිව යුතු බව සමාජ සවිබල ගැන්වීම් නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

පසුගියදා පානදුර පැවති උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ තිබෙන සම්පත් වෙත් කිසිඳු රටක නොමැති බවත් තමන් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සැම ප්‍රදේශයකම තමන් සංචාරය කර ඇති බවත් රටේ තිබේන ස්වභාවික සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නේ නම් රට දියණු කළ හැකි බවද එහිදි අමාත්‍යවරයා පැවසීය.

නමුත් රාජ්‍ය ආයතනවල අනවශ්‍ය ලෙස සේවකයන් බදවාගෙන ඇති බවත් ඔවුන්ට වැටුප් ගෙවිමට සිදු වි ඇති බවත් එවැනි ක්‍රියාවන් හේතුවෙන් රාජ්‍ය ආයතන තුල දියුණුවක් නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එයට දේශපාලඥයාද වගකිව යුතු බවත් ඔවුන්ට තම පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් ඔනෑම පහත් ක්‍රියාවක් කිරිමට සුදානමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

මෙයට මුලික හේතුව වී ඇත්තේ රටට නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version