Home දේශීය පුවත් වෙඩි ප්‍රහාරයට ලක්වු බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක මරුට

වෙඩි ප්‍රහාරයට ලක්වු බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක මරුට

0
වෙඩි ප්‍රහාරයට ලක්වු බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක මරුට

වෙඩි වැදීමක් හේතුවෙන් රෝහල්ගත කරනු ලැබූ බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා මියගොස් ඇති බවට වාර්තා වෙයි.

පසුගිය බදාදා (20) දින බෙලිඅත්ත පොලිස් වසමේ පල්අත්තර දෙබොක්කාව මොදරවාල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මන්ත්‍රීවරයා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුණි.

වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද(22) අළුයම මන්ත්‍රීවරයා මියගොස් ඇති බව වාර්තා වෙයි.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here