ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාවක්

Share

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වීය.

ත්‍රිපිටකාභි වන්දනා සතිය වෙනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කළ විශේෂ ධර්ම දේශනාවක් අද(22) පෙරවරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ගොතටුව ඇල්හේන කේ රතනසාර විහාරය, කොළඹ 06 බෞද්ධාලෝක විහාරය, තිස්සමහාරාම මොල්කැපෝපොතාන ශ්‍රී ගංගාතිලක රජමහා විහාරයන්හි අධිපති, විශ්‍රාමික විදුහල්පති, රාජකීය පණ්ඩිත, තිහගොඩ භද්ධිය ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනාව පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා වු ප්‍රතිඥාව ද මෙහිදී කියවීම සිදු විය .

Read more

Local News