ත්‍රිපිටකාභිවන්දනාව වෙනුවෙන් හැටන් පොලීසිය මගින් ධර්ම දේශනාවක් – ඡායාරූප

Share

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස පත් කිරිමේ වැඩසටහනට සමගාමිව හැටන් මුලස්ථාන පොලිසිය මගින් හැටන් පොලිස් ක්‍රිඩාංගණයේදි ධර්ම දේශනාවක් සහ මහ සංඝ රත්නය විෂයෙහි දානමය පින්කමක්ද පත්වනු ලැබීය.

බගවන්තලාවේ රාහුල හිමියන් හැටන් පොලිස් ක්‍රිඩාංගණය වෙත වඩම්මවා ඊයේ(21) රාත්‍රි ධර්මදේශනාවක් පැවැත්විමෙන් අනතුරුව අද(22) දහවල් මහ සංඝරත්නය හැටන් පොලිසිය වෙත කැඳවා දානමය පින්කමක්ද පවත්වනු ලැබුහ.

හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක.එල්.එම් ජෙමිල් මහතා සහ හැටන් පොලිසියේ නිලධාරින් මෙම පින්කම් සංවිධානය කර තිබුණි.

Read more

Local News