දැදුරුඔයේ ගිලී තරුණයෙක් මරුට

දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ(24) දින දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව හලාවත පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි මහීපාල මුදලිගේ අෂේන් චමිදු ධනංජය නැමති තරුණයෙකි.

පසුව එම තරුණයා දැදුරුඔයේ ගිලී අනතුරට පත්ව ඇති අතර එම ස්ථානයේ සිටි අය විසින් බිංගිරිය දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස්ව සිටි බව වාර්තා වෙයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන ය.

Exit mobile version