කුඩු එක්ක අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි

දකුණු මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් නව දෙනා ලබන 29 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(25) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නේය.

මෙම සැකකරුවන් පිරිස අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබුවේය.

පොලිසිය කියා සිටියේ මෙම සැකකරුවන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුමක් නොමැති හෙයින් ඉරාන තානාපති කාර්යාලයේ සහාය ඇතිව ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේය.

Exit mobile version