කඩුවෙල-බියගම මාර්ගය තාවකාලිකව සීමා කරයි

නවගමුව පොලිස් වසමේ කඩුවෙල බියගම මාර්ගයේ කඩුවෙල පාලමේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කඩුවෙල සිට බියගම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර තිබේ.

අද(26) දින සිට ලබන 29 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එම මාර්ගය භාවිත කරන මහජනතාව සහ රියදුරන් අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලීසිය පවසයි.

මෙම කාලසීමාව තුළ දී අධිවේගී මාර්ගයේ ගුවන් පාලම භාවිත කළ හැකි බව පොලීසිය සඳහන් කළේය.

Exit mobile version