දේවස්ථානයක බිත්තියක් කඩා වැටෙයි – 9ක් මරුට

පේරු රාජ්‍යයේ හුආනුකෝ නගරයේ දේවස්ථානයේ බිත්තියක් කඩා වැටීමෙන් සිදුවු අනතුරක් පිළිබඳව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේවස්ථානයට පැමිණි පිරිස දේවමෙහෙයේ නිරත වෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දිමට සිදුවී තිබේ.

පේරු රාජ්‍යෙය් පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම බිත්තිය කඩා වැටීමෙන් පුද්ගලයින් 9දෙනෙක් මියගිය අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

Exit mobile version