කථානායකට රට භාරදී ජනපති ගෙදර යයි

Share

මීට දශක තුනකට පෙර එනම් 1989 දී කසකස්ථානය සෝවියට් සංගමයෙන් ඉවත් වූ දින පටන් එරට පාලනය කළ එරට ජනාධිපතිවරයා වූ 78 හැවිරිදි නූර් සුල්තාන් නසාර්බසෙව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී එම ධුරය එරට කථානායකවරයාට භාරදී තිබේ.

කසකස්ථානය 1989 දී සෝවියට් සංගමයෙන් නිදහස ලැබූ අතර 1991 සෝවියට් සංගමය බිඳ වැටීමට මාස කීපයකට ප්‍රථම නූර් සුල්තාන් එරට මහජන ඡන්දයෙන් එරට ජනාධිපතිවරයා බවට පත්විය. කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ ඔහු එරට ප්‍රථම ජනාධිපතිවරයාද වේ.

පසුගිය 2015 වසරේ පැවැති එරට මැතිවරණයේදී නූර් සුල්තාන් එරට ජනාධිපති ධුරයට ජනතා ඡන්දයෙන් යළි තේරී පත්වූයේ පිට පිටම පස්වැනි වතාවටය. එසේම පසුගිය මැයි මාසයේදී ඔහු කසකස්ථාන් ආරක්ෂක කවුන්සිලයේද දිවි ඇති තෙක් නායකයා බවටද පත්විය.

කවුරුත් නොසිතූ වේලාවකදී පෙර දැනුම් දීමකින් තොරව සිය තනතුරුවලින් ඉවත් වූයේ එවන් බලවත් ජන ප්‍රසාදය දිනාගත් නායකයෙකි.

Read more

Local News