සූදු ක්‍රීඩාවේ යෙදුණු 11ක් අත්අඩංගුවට

ඉගිනියාගල, පොල්වගා ජනපදයේ අටේ ඇළ ප්‍රදේශයේ දී සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

අම්පාර පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි රුපියල් 31,000ක මුදලක් සහ යතුරුපැදි 5ක් ද පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉගිනියාගල පොලීසිය වෙත භාරදී තිබේ.

Exit mobile version