Home දේශීය පුවත් මෝටර් රථයක ගැටී කතක් මරුට

මෝටර් රථයක ගැටී කතක් මරුට

0
මෝටර් රථයක ගැටී කතක් මරුට

වරකාපොල පොලිස් වසමේ කුරුණෑගල – අඹේපුස්ස ප්‍රධාන මාර්ගයේ ඊයේ(03) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

කුරුණෑගල දෙසට ධාවන වූ මෝටර් රථයක් කුරුණෑගල – අඹේපුස්ස ප්‍රධාන මාර්ගයේ පුද්ගලික අගැළුම් කර්මාන්ත ශාලවක් ඉදිරිපිට ඇති පදික මාරුව මතින් ගමන්කළ පදික කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව බරපතළ තුවාල ලබා වාරකාපොල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි රෝෂිනි පුෂ්පකුමාරි නැමති කාන්තාවකි.

අදාළ අනතුර සිදු කර මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන වරකාපොල පොලීසිය සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here