ජනාධිපති හා මහින්ද අතර සාකච්ඡාවක් අද

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද(04) පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙයි. සාකච්ඡාව කැදවා ඇත්තේ අයවැය අවසන් ජන්ද විමසීම සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා යි.

අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේ දී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජන්දය දීමෙන් වැළකී සිටී අතර ඒ පිළිබදව සාකච්ජා කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ පසුගියදා වෙන වෙනම සාකච්ඡා කළේය.

එහි තීරණ හා යෝජනා අද පැවැත්වෙන සාකච්ඡාව සදහා ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

Read more

Local News