අද පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

Share

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින(10) දහවල් 12.11 ට ඔට්ටපානෙයි, කොහොඹගස්වැව, පලුගස්වැව, දළදාගම, මහෝ, තලකිරියාගම, යක්කුරේ, මහඋල්පත, කිලන්ගුප්පලායිසහ පුන්නයික්කුඩ යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News