නවීන ගිලන් රථ 138 ක් රෝහල් වලට බෙදාදීම හෙට

Share

දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 138 බෙදාදීම හෙට(11) දින පෙරවරු 10.00 ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

එ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි.

බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි.

මීට පෙර ෆෝඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 152 ක් රෝහල්වලට බෙදාදී ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නවීන ගිලන් රථ 450 ක් රෝහල්වලට බෙදාදීමට නියමිතය.

Read more

Local News