ඉන්ධන මිල ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Share

ඉන්ධන මිල සූත්‍රය යටතේ මෙම මාසය තුළ පවතින ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ ගිය ද උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සඳහා පවතින මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ජාත්‍යන්තර වෙළදපොලේ පසුගිය මාසයේ අමෙරිකානු ඩොලර් 67ක්ව පැවැති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 74ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය මාර්තු මස 10 වනදා ඉන්ධන මිලෙහි සංශෝධන සිදු කළ ද ජනතාවට සහන සැලසීමේ අරමුණින් ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ ඉතා සුළු වශයෙන් බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read more

Local News