කෝටි තුනක් වටිනා රන් බිස්කට් රේගු අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(11) අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 23 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ තුළ රාජකාරී ඉටු කරන කාර්යය මණ්ඩල සාමාජිකයෙක් බවටයි අනාවරණය වී තිබෙන්නේ.

ඔහු තම දෙකකුළේ වළලු කරට මදක් ඉහළට වන්නට රන් බිස්කට් 10 බැගින් කොටස් හතරකට සකස් කර ඒවා බැඳ ගෙන, පසුව කකුල් වැසෙන සේ මේස් පැළද සපත්තු දමා ගෙන සිටි ඇත.

එහි ග්‍රෑම් 100 බැගින් වූ කිලෝ ග්‍රෑම් 04 ක් බර රන් බිස්කට් 40 ක් තිබු බවටයි වාර්තා වන්නේ.

Exit mobile version