අදත් පළාත් කිහිපයකට තදවැසි

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වල සහ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්නථාවලටමි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින(13) දහවල් 12.10 ට තිරුකේශ්වරම්, පලයිමොඩ්ඩායි, මාලිකායි, පරාක්‍රමපුර, කැල්ලරවයන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Exit mobile version