මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අද(17) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල්වාරය ලබන 22 වනදා ආරම්භ වන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
පසුගිය 05 වනදා රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අවසන් වූ අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් විය.