Home දේශීය පුවත් මෙන්න අද කාලගුණ තත්ත්වය

මෙන්න අද කාලගුණ තත්ත්වය

0
මෙන්න අද කාලගුණ තත්ත්වය

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදීත් සිහින් වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here