අමල් ඇතුළු 6 දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි

Share

ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනා තව දුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරේ.

ඩුබායි හි සිට පිටුවහල් කිරීමෙන් පසු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් එයාර් යු.එල්. 226 දරණ ගුවන් යානයෙන් අද අලුයම 5.03 ඔවුන් මෙරටට පැමිණ ඇත.

මෙහිදී මොවුන් ආගමන විගමන නිලධාරින් භාරයට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

පසුගියදා ඩුබායි හි පැවැති සාදයකදී පාතාල නායක මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් මේ වන විට 29 දෙනෙක් මෙරටට පිටුවහල් කර ඇති අතර ඉන් 6 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read more

Local News