ප්‍රහාරයක් ගැන ඉන්දියාව තොරතුරු දුන් බව අගමැති තහවුරු කරයි

ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දියාව තොරතුරු ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

තොරතුරු හුවමාරු කර ගැනීමට රට රටවල් නිරන්තයෙන් සිදුකරන්නක් බවද ඔහු ප්‍රකාශ කළේය. එසේම ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවත් ඔවුන් මෙම ප්‍රහාරය පසුපස සිටින බවට සැකයක් තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් සොයා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම ගැන හෙට දිනයේදී සළකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version