අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරිය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කරයි

Share

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරිය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එම විද්‍යාලය සම්බන්ධයෙන් පැවති මූලික විමර්ශනයේ නිර්දේශයන්ට අනුකූලව එය සිදු කර තිබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතියට ද යටත් ව වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අනුයුක්ත කිරීම සිදු කර තිබේ.

පරිපාලන ගැටලු, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මුල්කරගනිමින් අදාළ මූලික විමර්ශනය පවත්වා තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News