ත්‍රස්ත ක්‍රියා විමර්ශනයට බ්‍රිතාන්‍යයෙන් කණ්ඩායමක්

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහාය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් ඇය මේ බව සඳහන් කර තිබේ. ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදීමට සූදානම් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version