ඉන්දියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය අද (16) කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදි ආරම්භ වෙයි.

ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දිය පිල හමුවේ ටෙස්ට් තරග 3කුත්, එක්දින තරග 5කුත්, විස්සයි20 තරගයකුත් වශයෙන් තරග 9න්ම පරාජයට පත් විය. ඒ අනුව ශ්‍රී ලංකාවට ඉන්දීය භූමියේදි ඉන්දීය පිල පරාජය කිරීමේ අභියෝගය ජයගැනිම පහසු කාර්යයක් නොවේ.

දෙපිල අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 41න් තරග 7ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වූවත් තරග 19ක ජය හිමිකරගනු ලැබුවේ ඉන්දීය පිල විසිනි.

Exit mobile version