ඇතෙකුගේ පහරින් තිදරු මවක් මරුට

Share

පුත්තලම, කල්අඩිය, එගොඩකිරල්ඔය ප්‍රදේශයේ තිදරු මවක් අද(01) දින අළුයම ඇතෙකුගේ පහර දීමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටියදි මරණයට පත්ව තිබෙන බවට වාර්තා වෙයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ එගොඩකිරල්ඔය පදිංචි තිදරු මවක් වන ඩබ්ලියු. ඒ. ශ්‍රියානි කුසුමලතා නැමති කාන්තාවකි.

අදාල කාන්තාවගේ පුතා ගම්වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරීමට ගම්වාසින් සමඟ ගොස් තිබියදි දරුවාගේ ප්‍රමාදය බැලිම සඳහා නිවසින් පිටතට පැමිණ අඩි කීපයක් එළියට ගොස් ඇති බවත් ඒ වන විට නිවස ආසන්නයේ රැඳී සිටි ඇතෙකු මෙම කාන්තාවට පහර දී අඩි 100 කට වැඩි දුරක් රැගෙන ගොස් බිම දමා ඇති බවට වාර්තා වෙයි.

පසුව මෙම කාන්තාව කඩිනමින් පුත්තලම රෝහලට රැගෙන ගොස් තිබුණද රෝහලට ඇතුලත් කර සුළු වේලාවකින් මරණයට ඇය මරණයට පත්ව ඇත.

Read more

Local News