බේරුවල පරීක්ෂණවලට බාධා නොකළ බව සුව ඇමැති කියයි

Share

ත්‍රස්තවාදීන් සමඟ තමන් කිසිදු ගණුදෙනුවක් සිදු කර නොමැති බවත්, ත්‍රස්තවාදයට උදවු නොකරන බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනය තුළ සිදු කරන පරීක්ෂණ කටයුතු වලට සෞඛ්‍ය අමාත්‍යවරයා බලපෑම් කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.  

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

මම කිසිදු බලපෑමක් කරලා නැහැ. ලංකාවේ ඕනෑම පොලීසියකින් අහලා බලන්න මම බලපෑම් කරනවා ද කියලා. වරදකරුවන් වෙනුවෙන් මම කථා කරන්නේ නැහැ.

එවැනි බලපෑමක් සිදු කර තිබෙනවා නම් මම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. අලුත්ගම දර්ගා නගරයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට උපදෙස් ලබාදුන්නේ මම. බේරුවල පිහිටි මගේ නිවස අසල නිවසක් කුලියට ගැනීමට පැමිණි පුද්ගලයෙක් පිළිබඳ සැක සිතීම නිසා පොලීසියට දැනුම් දුන්නා.

ඒ පිළිබද පරික්ෂණ ආරම්භ කරන්න කියලා. නමුත් එම පරීක්ෂණ මන්දගාමී නිසා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් පසු පරීක්ෂා කිරිම් සිදු කළා.

මම ඇතුලු රජයේ මැති ඇමැතිවරුන් 08 ක් ඝාතනය කිරීමටත් සැළසුම් කර තිබෙනවා. මෙම පරික්ෂණ වල දී හෙළි වුනා අලුත්ගම දර්ගා නගරයට වෙනත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් ධර්මය දේශනා කිරීමේ මුවාවෙන් රැදී සිටින බව.

මම කිවුවා වෙනත් ප්‍රදේශවල අය ධර්මය දේශනා කිරීමට අවශ්‍ය නැහැ. බේරුවල අවට දේවස්ථාන අවශ්‍ය තරම් තිබෙනවා.

මුස්ලිම්වරුන් පළමුව අඩිය තිබ්බෙත් බේරුවලට. එම නිසා මම අවධාරණය කර සිටිනවා ත්‍රස්තවාදය සමඟ ගණුදෙනුවක් කරලා නැහැ කියලා.

Read more

Local News