පතලකට වැටී පුද්ගලයෙක් මරුට

නිවිතිගල පොලිස් වසමේ දොලොස්වල, පහලගෙදරවත්ත ප්‍රදේශයේදී පතලක් කපමින් සිටි පුද්ගලයෙකු එම පතලට වැටී මිය ගොස් තිබේ.

මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ මෙලෙස පතලක් කපමින් සිට ඇති අතර එහිදි පතල තුලට ඇඳ වැටි තිබෙන බවටයි වාර්තා වන්නේ.

තුවාල වී බරපතල තත්ත්වයෙන් සිටි මෙම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.

Exit mobile version