පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අදත් පැවැත්වෙයි.

පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දෙදින පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කළේය.

ඒ අනුව ඊයේ(07) පස්වරුවේ සිට එම විවාදය ආරම්භ විය.

පක්ෂ විපක්ෂ නියෝජිතයින් ඊයේ දිනයේදී මෙම කල්තැබීමේ විවාදයට එක්වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට එක්ව අදහස් පළ කළේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ බැංකු ගිණුම් 41ක් සහ ආරක්ෂක නිවාස 13ක් හඳුනාගෙන ඇති බවයි.

එම දේපල සියල්ල රාජ සන්තක කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ අතර රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අදත් පැවැත්වීමට නියමිතයි.

Exit mobile version