කාත්තාන්කුඩිවල ලී මෝලක ගින්නක්

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ නව කාත්තාන්කුඩි ලී මෝල අද(08) උදෑසන හදිසි ගින්නක් හට ගෙන ඇති බවට වාර්තා වෙයි.

කාත්තාන්කුඩි පොලීසිය, මඩකලකලපුව ගිනි නිවිමේ ඒකකය සහ මහජනතාව එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර දැව සහ එහි තිබූ යන්ත්‍රෝපකරණ ගින්න හේතුවෙන් විනාශවී ඇති බවට ද වාර්තා වෙයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version