ආණ්ඩුව නිදහසට කරුණු කියන ​​බව තිස්ස කියයි

නිදහසට කරුණු කියනවා වෙනුවට රටේ ආරක්ෂාව පිළිබඳ ජනතාවට ස්ථිර ප්‍රකාශයක් සිදු කළ හැකි ආණ්ඩුවක් බිහි කළ යුතු බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා පවසයි.

මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහත මේ බව ප්‍රකාශ කළේය.

රටේ ඇති දේශපාල අස්ථාවරත්වය හේතුව වන්නේ රට තුළ කළබලකාරීත්ව හා අවිශ්වාසයක් ගොඩ නැගී ඇති බව තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ රට තුළ ඇති තත්ත්වය හේතුවෙන්  ප්‍රථමයෙන් කළ යුත්තේ රට ගැන හැඟිමක් ඇති සහ ඉදිරි දැක්මක් ඇති දේශපාලන නායකත්වයක් බිහි කළ යුතු බවයි.

Exit mobile version