වෑන් රථයක ගැටී පදික කතක් මරුට

මැදවච්චිය රඹෑව මාර්ගයේ වහමලුගොල්ලෑව ප්‍රදේශයේ දී රඹෑව දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් පදික කාන්තාවක් මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.

ඊයේ(08) දින වෑන් රථයේ ගැටීමෙන් පසු බරපතළ තුවාල ලැබූ කාන්තාව අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මරණකාරිය පිළිබඳ නිශ්චිත තොරතුරක් තවමත් අනාවරණය වී නොමැත.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version