යුරෝපා සංගමය ලංකාවට සහය දෙන්න සූදානම්

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ටුන්ලායි මර්ග් මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අභියෝගයට මුහුණදී සිටින බවයි.

ත්‍රස්තවාදී තර්ජනයට විසදුම් සෙවීම සහ පවතින අර්බුද හමුවේ ශක්තිමත්ව ඉදිරියට යාමට සහයෝගය දැක්වීමට යුරෝපා සංගමය සූදානම් බව ඔහු පෙන්වාදී තිබේ.

යුරෝපා සංගමය සැමවිටම සැමවිටම ශ්‍රී ලංකාවේ සමීපතම හිතවතෙකු සහ හවුල්කරුවෙකු බව ද ටුන්ලායි මර්ග් මහතා පවසයි.

පසුගිය වසර 10ක කාලය තුළ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ මානුෂිය ආධාර වෙනුවෙන් යුරෝ මිලියන 760කට අධික මුදලක් ලබාදී ඇති බවත්, ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම තුළින් අපනයන ආදායම වැඩිකර ගැනීමට සහයෝගය ලබාදී ඇති බවත්, තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Exit mobile version