මට්ටක්කුලියේ දී හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ පුද්ගලයෙකු මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මට්ටක්කුලිය පොලිසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 504ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරු 55 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

ඔහු අද(15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version