ජනපති, අගමැතිගේ වෙසක් දින පණිවුඩය

Share

ශ්‍රී ලංකාවාසි බෞද්ධ ජනතාවටත්, ලොව පුරා වෙසෙන සියලු බොදුනුවන්ටත් සැනසුම්දායක වෙසක් මංගල්‍යයක් වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රර්ථනා කරයි.

බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්මවූ අපරිමිත සාමය සහිත සාමාජයක් ගොඩනැගීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් පුර පොහොය දිනයේ අප විසින් යලි මෙනෙහි කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

අන්තරාය විරහිත අන්‍යොන්‍ය විශ්වාසය සහිත මෛත්‍රී සහගත සමාජයක් ගොඩනැගීම සදහා බුදුන් වහන්සේ දේශනා කළ පරිදි වෛරයෙන් වෛරය නොසංසිදේ අවෛරයෙන් වෛරය සංසිදේ යන සදාතන සත්‍යය කෙරෙහි යලි යලිත් අපේ සිත් පිහිටුවාලීමට වීර්යවන්ත විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

වෙසක් පුර පෙහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

විශාල වශයෙන් ජනතාව රැස්වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුවද බුදු දහමේ උත්තරීතර වටිනාකම මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මෙම වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මය පුද්ගල අධ්‍යාත්මික විමුක්තිය මෙන්ම පොදු සමාජ විමුක්තිය ද අරමුණු කොට ගත් උතුම් ධර්ම මාර්ගයක් බවඅග්‍රාමාත්‍යවරයා පවසයි.

වෙසක් පුර පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා පැවසීය.

Read more

Local News