හානිවූ මුස්ලිම් දේවස්ථානවලට වන්දි

පසුගිය දා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වු ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් සිදුවු හානි සඳහා වන්දි මුදල් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් හානි වුවන්ට වන්දි ගෙවීමට තීරණය කරන ලද ක්‍රමවේදය යටතේම මෙම වන්දි ගෙවීම සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව ගැටුම් හේතුවෙන් හානි වු මුස්ලිම් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට මෙම වන්දි මුදල් ලබා දෙනු ඇත.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version