කැලණිය විශ්වවිද්‍යාලය ලබන 28 යළි විවෘත කරයි

ආරක්ෂක හේතු මත වසා දමා තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨ ලබන 28 වන දා යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

එහි සන්නිවේදන ඒකකය සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ සියලු පීඨාධිපතිවරුන් හා උප කුලපතිවරයා සමග එක්ව කළ සාකච්ඡාවකදී මේ තීරණයට එළැඹුණු බව ය.

ඒ අනුව ලබන 25 හා 26 සති අන්තවල පැවැත්වීමට නියමිත සති අන්ත පාඨමාලා ද සාමාන්‍ය කාල සටහන් අනුව සිදු කරන බව විශ්වවිද්‍යාලය සඳහන් කළේ ය.

Exit mobile version