සුළං හේතුවෙන් පදියතලාවේ නිවාසවලට හානි

පදියතලාව ප්‍රදේශයට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට හානී සිදුවි තිබේ.

ඊයේ(25) පස්වරුවේ ගල්වලලන්ද හා කහටවින්න යන ගම්මාන දෙකෙහි නිවාස 10කට සුළං තත්ත්වය හේතුවෙන් අලාභහානී සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

තළ සුළං තත්ත්වයත් සමග ප්‍රදේශයට අධික වර්ෂාවක් ද පතිත වී තිබේ.

පදියතලාව පොලීසිය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය එක්ව පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Exit mobile version