වීරකැටි පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ 1,006,500 බිම් යකඩ තහඩු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ ( 25දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසුගිය 22 දා රාත්රියේ මෙම සොරකම කර තිබේ. වීරකැටිය පොලිස් ස්ථානයට ලැබුණ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 25,30,31 හා 38 වැනි වියේ පසුවන බැදිගම හා අගුණකොලපැලැස්ස පදිංචිකරුවෝ වෙති.