නිවසකට ගිනි තබා අයෙක් ගෙල වැළලා ගනී – 2ක්ට පිලිස්සුම් තුවාල

Share

බලංගොඩ, ඇල්ලේපොළ ප්‍රදේශයේ නිවසකට ගිනි තබා පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සිය දිවිනසාගෙන ඇති බව පොලීසිය පවසයි.

නිවසක ගින්නක් හටගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇත.

එහිදි නිවසේ සිටි කාන්තාවක් හා පුද්ගලයෙක් පිලිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන්ව බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ ආසන්නයේම අසළ ගැටගැසු ලණුවක ආධාරයෙන් තවත් පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මියගොස් සිට ඇති බවටයි පොලිසිය කියා සිටියේ.

පවුල් ආරවුලක් මත තුවාල ලබා සිටින නිවසේ හිමිකරුගේ ඥාතියෙකු විසින් එම නිවසට ගිනි තබා ඔහුද ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටයි විමර්ශනයේ දී හෙලිවී ඇත්තේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක් වු මොරහැල, බලංගොඩ ලිපිනයේ පදිංචි අයෙක් වන අතර බලංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

Read more

Local News