ජනපති යළි දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(31) දින රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ජනපති ඇතුළු දූත පිරිස රාත්‍රී 10.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර එතුමාගේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම අභිමානවත් උලෙළට එක් විය.

Exit mobile version