කාදිනල් හිමිපාණන් රතන හිමි බැලීමට යයි

Share

ඉල්ලීම් 04 ක් මුල් කරගනිමින් අඛණ්ඩ උපවාසයක නිරතවන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, අද(03) පෙරවරුවේ මහනුවරට ගොස් තිබේ.

මෙහිදී කාදිනල් හිමියන් කියා සිටියේ, “ආගම් අතර ඇති සුහදතාවය පළුදු කරන ඒ සැකය, බිය, ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්න ඒකට අනුබල දීලා  ඒවා ඉස්මතුවෙන්නට ඉඩ දී මෙම ප්‍රහාරයට වක්‍රව සහභාගී වෙච්ච කවුද ඉන්නේ කියන එක ගැන තාම විග්‍රහයක් කරලා නෑ. ඒ නිසා මේ පිටුපස ඉන්න අය ගැන ඉතාමත් විශේෂ ආකාරයෙන් සෙවිය යුතුයි කියලා මා විශ්වාස කරනවා.” යනුවෙනි.

Read more

Local News