නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ(04) දින මහරුප් නගර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධි ධීවර දැල් 239 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ශාර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුම අතරතුරදී විකිණිම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධි දැල් සමඟින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
එහි තිබී මීටර් 50 ක දිගින් යුත් දැල් 114 ක් සහ මීටර් 100 ක දිගින් යුත් දැල් 125 ක් සොයා ගෙන ඇත.
අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා තිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.




