මහනුවර, තිලක් රත්නායක මාවතේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වෙයි.
යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර පැදිකරු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ක් වු කාටුපල්ලිය පාර, මහනුවර ලිපිනයේ පදිංචි අයෙකි.
මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



