වසා දැමූ කැලණිය විශ්වවිද්‍යාලය අද යළි අරඹයි

දින නියමයක් නොමැතිව වසා දැමූ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද(06) සිට යළි ආරම්භ වෙයි.

කෙසේ වෙතත් අද(06) සිට කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරීය ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පැවති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිශ්චිත කාලයකදී ආපනශාලා වැනි අධ්‍යයන නොවන පරිශ්‍ර වසා දැමීමට පාලනාධිකාරීය ගත් තීරණයට සිසුන් කිහිපදෙනෙකු විරෝධය පළකිරීමත් සමඟ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරීය පසුගිය 29වනදා තීරණය කළේය.

Exit mobile version