ලක්ෂ හතලිහක ගංජා හේනක් සමඟ අයෙක් අත්අඩංගුවට

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ කහකුරුලම්පැලැස්ස සූරියආර ප්‍රදේශයේ වගා කර තිබු ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

එම ගංජා හෙනේ හොදින් වැඩුණු ගංජා ගස් විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ හතලිහ ඉක්මවන බව පොලිසිය පවසයි.

මෙම හේන වගා කළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විමර්ශන සිදු කරයි.

Exit mobile version