මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් නමැත්තාට විදේශගත වීම සඳහා පනවා තිබෙන තහනම තාවකාලික ලෙස ලීහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(06) නියම කළේය.
එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම නියෝග සිදුකළාය.
සැකකාර ජෙෆ්රි ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට ජූලි මස 1 වනදා සිට එම මස 11 වන දක්වා කාලසීමාව තුළ ඉන්දියාවේ සංචාරය කිරීමට අවශ්‍ය වී ඇති බවත් එමෙන්ම ජුලි මස 15 දා සිට අගෝස්තු මස 7 දක්වා කාලසීමාව තුළ කැනඩාවේ සංචාරය කිරීමට අවශ්‍ය ඇති බවත් දන්වා සිටියා.
එම කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කර ලෙසයි එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ජෙෆ්රි ඇලෝසියස්ට අදාළ කාල සීමාව සඳහා විදේශ ගතවීමට අවසර ලබාදුන් අතර ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස ආගමන සහ විගමන පාලකවරයාට නියම කලා.



